١قَدْ سَمِعَ اللَّهُ قَوْلَ الَّتِي تُجَادِلُكَ فِي زَوْجِهَا وَتَشْتَكِي إِلَى اللَّهِ وَاللَّهُ يَسْمَعُ تَحَاوُرَكُمَا ۚ إِنَّ اللَّهَ سَمِيعٌ بَصِيرٌ
1ඇගේ ස්වාමි පුරුෂයා විෂයයෙහි නුඹ සමඟ වාද කොට අල්ලාහ් වෙත පැමිණිලි කළ තැනැත්තියගේ ප්‍රකාශයට සැබැවින් ම අල්ලාහ් සවන් දුන්නේ ය. තවද අල්ලාහ් නුඹලා දෙදෙනාගේ කතාවට ද සවන් දෙයි. නියත වශයෙන් ම අල්ලාහ් සර්ව ශ්‍රාවක ය; සර්ව නිරීක්ෂක ය.
٢الَّذِينَ يُظَاهِرُونَ مِنْكُمْ مِنْ نِسَائِهِمْ مَا هُنَّ أُمَّهَاتِهِمْ ۖ إِنْ أُمَّهَاتُهُمْ إِلَّا اللَّائِي وَلَدْنَهُمْ ۚ وَإِنَّهُمْ لَيَقُولُونَ مُنْكَرًا مِنَ الْقَوْلِ وَزُورًا ۚ وَإِنَّ اللَّهَ لَعَفُوٌّ غَفُورٌ
2නුඹලා අතරින් තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසන්නන්හට ඔවුහු මොවුන්ගේ මව්වරුන් නො වෙති. මොවුන්ගේ මව්වරු වනුයේ මොවුන්ව ප්‍රසූත කළ අය මිස නැත. තවද නියත වශයෙන් ම මොවුහු පිළිකුල් සහගත ප්‍රකාශයක් හා මුසාවක් පවසති. තවද නියත වශයෙන් ම අල්ලාහ් නො සලකා හරින්නා ය; අතික්ෂමාශීලී ය.
٣وَالَّذِينَ يُظَاهِرُونَ مِنْ نِسَائِهِمْ ثُمَّ يَعُودُونَ لِمَا قَالُوا فَتَحْرِيرُ رَقَبَةٍ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۚ ذَٰلِكُمْ تُوعَظُونَ بِهِ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
3තවද තම බිරියන්ට (කෝපයෙන්) මව යැයි පවසා පසු ව, ඔවුන් පැවසූ ප්‍රකාශයෙන් (මිදී) නැවත හැරෙන්නේ නම්, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර වහලෙකු නිදහස් කළ යුතුව ඇත. මේවා නුඹලාට කවර දෙයක් සම්බන්ධව උපදෙස් දෙනු ලබන්නේ ද ඒවා ය. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
٤فَمَنْ لَمْ يَجِدْ فَصِيَامُ شَهْرَيْنِ مُتَتَابِعَيْنِ مِنْ قَبْلِ أَنْ يَتَمَاسَّا ۖ فَمَنْ لَمْ يَسْتَطِعْ فَإِطْعَامُ سِتِّينَ مِسْكِينًا ۚ ذَٰلِكَ لِتُؤْمِنُوا بِاللَّهِ وَرَسُولِهِ ۚ وَتِلْكَ حُدُودُ اللَّهِ ۗ وَلِلْكَافِرِينَ عَذَابٌ أَلِيمٌ
4එවිට කවරෙකු එය (වහලෙක් නිදහස් කිරීමට වත්කම්) නො ලැබුවේ ද, එවිට ඔවුන් එකිනෙකා පහස විඳීමට පෙර අඛණ්ඩව මාස දෙකක් උපවාසයේ නිරත විය යුතුව ඇත. එයට ඔහු ශක්තිය නො දැරුවේ නම් දුගියන් හැට දෙනෙකුට ආහාර සැපයිය යුතුව ඇත. එය අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ව නුඹලා විශ්වාස කරනු පිණිස ය. තවද මේවා අල්ලාහ්ගේ සීමාවන් ය. තවද දේව ප්රතික්ෂේපකයින්ට වේදනීය දඬුවමක් ඇත.
٥إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ كُبِتُوا كَمَا كُبِتَ الَّذِينَ مِنْ قَبْلِهِمْ ۚ وَقَدْ أَنْزَلْنَا آيَاتٍ بَيِّنَاتٍ ۚ وَلِلْكَافِرِينَ عَذَابٌ مُهِينٌ
5නියත වශයෙන් ම අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්(ගේ නියෝගය)ට විරුද්ධ වන්නන් වනාහි ඔවුනට පෙර සිටියවුන් නින්දාවට පත් කරනු ලැබුවාක් මෙන් ම ඔවුන්ද නින්දාවට පත් කරනු ලබන්නෝ ය. තවද සැබැවින් ම අපි පැහැදිලි වදන් පහළ කළෙමු. තවද දේව ප්රතික්ෂේපකයින්ට නින්දනීය දඬුවමක් ඇත.
٦يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيُنَبِّئُهُمْ بِمَا عَمِلُوا ۚ أَحْصَاهُ اللَّهُ وَنَسُوهُ ۚ وَاللَّهُ عَلَىٰ كُلِّ شَيْءٍ شَهِيدٌ
6එදින අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටුවා ඔවුන් සිදු කළ දෑ පිළිබඳව දන්වා සිටියි. අල්ලාහ් එය ගණන් ගෙන ඇත. එහෙත් ඔවුහු එය අමතක කළෝ ය. තවද අල්ලාහ් සියලු දෑ කෙරෙහි සාක්ෂිකරු ය.
٧أَلَمْ تَرَ أَنَّ اللَّهَ يَعْلَمُ مَا فِي السَّمَاوَاتِ وَمَا فِي الْأَرْضِ ۖ مَا يَكُونُ مِنْ نَجْوَىٰ ثَلَاثَةٍ إِلَّا هُوَ رَابِعُهُمْ وَلَا خَمْسَةٍ إِلَّا هُوَ سَادِسُهُمْ وَلَا أَدْنَىٰ مِنْ ذَٰلِكَ وَلَا أَكْثَرَ إِلَّا هُوَ مَعَهُمْ أَيْنَ مَا كَانُوا ۖ ثُمَّ يُنَبِّئُهُمْ بِمَا عَمِلُوا يَوْمَ الْقِيَامَةِ ۚ إِنَّ اللَّهَ بِكُلِّ شَيْءٍ عَلِيمٌ
7නියත වශයෙන් ම අල්ලාහ් අහස්හි ඇති දෑ හා මහපොළොවෙහි ඇති දෑ දන්නා බව නුඹ නො දුටුවෙහි ද? තිදෙනෙකුගේ සාකච්ඡාවක් ඔහු සිව් වැන්නා ලෙස සිටිමින් මිස සිදු නො වනු ඇත. එමෙන් ම පස් දෙනෙකු අතර ඔහු ඔවුන්ගේ සයවැන්නා ලෙස සිටිමින් මිස නැත. ඊට වඩා අඩු හෝ වේවා වැඩි හෝ වේවා ඔවුන් කොතැනක සිටිය ද ඔහු ඔවුන් සමඟ මිස නැත. පසුව ඔවුන් සිදු කළ දෑ පිළිබඳව මළවුන් කෙරෙන් නැගිටුවනු ලබන දිනයේ ඔවුනට දන්වනු ඇත. නියත වශයෙන් ම අල්ලාහ් සියලු දෑ පිළිබඳව සර්ව ඥානී ය.
٨أَلَمْ تَرَ إِلَى الَّذِينَ نُهُوا عَنِ النَّجْوَىٰ ثُمَّ يَعُودُونَ لِمَا نُهُوا عَنْهُ وَيَتَنَاجَوْنَ بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَإِذَا جَاءُوكَ حَيَّوْكَ بِمَا لَمْ يُحَيِّكَ بِهِ اللَّهُ وَيَقُولُونَ فِي أَنْفُسِهِمْ لَوْلَا يُعَذِّبُنَا اللَّهُ بِمَا نَقُولُ ۚ حَسْبُهُمْ جَهَنَّمُ يَصْلَوْنَهَا ۖ فَبِئْسَ الْمَصِيرُ
8රහස් සාකච්ඡා කිරීමෙන් වළක්වනු ලැබූවන් නුඹ නො දුටුවෙහි ද? ඔවුන් කවර දෙයකින් වළක්වනු ලැබුවේ ද ඒ දේ වෙත ඔවුහු නැවත හැරී යති. පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා ඔවුහු සාකච්ඡා කරති. තවද ඔවුහු නුඹ වෙත පැමිණි විට අල්ලාහ් නුඹට සුබ නො පැතූ දැයින් ඔවුහු නුඹට සුබ පතති. තවද අප පවසන දෑට අල්ලාහ් අපට දඬුවම් නො කරනුයේ මන් දැ? යි ඔවුන් තුළ පවසා ගනිති. ඔවුනට නිරය ප්‍රමාණවත් ය. ඔවුහු එහි පිවිස දැවෙති. එහෙයින් යොමු වන ස්ථානය නපුරු විය.
٩يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا تَنَاجَيْتُمْ فَلَا تَتَنَاجَوْا بِالْإِثْمِ وَالْعُدْوَانِ وَمَعْصِيَتِ الرَّسُولِ وَتَنَاجَوْا بِالْبِرِّ وَالتَّقْوَىٰ ۖ وَاتَّقُوا اللَّهَ الَّذِي إِلَيْهِ تُحْشَرُونَ
9අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රහස් සාකච්ඡා කළ විට පාපය, සතුරුකම හා රසූල්වරයාට පිටුපෑම සඳහා සාකච්ඡා නො කරනු. එහෙත් යහපත හා බැතිමත් භාවය සඳහා සාකච්ඡා කරනු. තවද නුඹලා ඔහු වෙත රැස් කරනු ලබන අල්ලාහ්ට නුඹලා බිය බැතිමත් වනු.
١٠إِنَّمَا النَّجْوَىٰ مِنَ الشَّيْطَانِ لِيَحْزُنَ الَّذِينَ آمَنُوا وَلَيْسَ بِضَارِّهِمْ شَيْئًا إِلَّا بِإِذْنِ اللَّهِ ۚ وَعَلَى اللَّهِ فَلْيَتَوَكَّلِ الْمُؤْمِنُونَ
10නියත වශයෙන් ම රහස් සාකච්ඡා කිරීම දේවත්වය විශ්වාස කළවුන් දුකට පත් කිරීම සඳහා ෂෙයිතාන්ගෙන් වූවකි. එහෙත්, අල්ලාහ්ගේ අනුමැතියෙන් තොරව කිසිවකින් ඔවුනට හිංසා කරන්නෙකු ලෙස ඔහු නැත. එහෙයින් දේවත්වය විශ්වාස කරන්නෝ (සියල්ල) භාර කළ යුත්තේ අල්ලාහ් වෙත ය.
١١يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا قِيلَ لَكُمْ تَفَسَّحُوا فِي الْمَجَالِسِ فَافْسَحُوا يَفْسَحِ اللَّهُ لَكُمْ ۖ وَإِذَا قِيلَ انْشُزُوا فَانْشُزُوا يَرْفَعِ اللَّهُ الَّذِينَ آمَنُوا مِنْكُمْ وَالَّذِينَ أُوتُوا الْعِلْمَ دَرَجَاتٍ ۚ وَاللَّهُ بِمَا تَعْمَلُونَ خَبِيرٌ
11අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා සභාවන්හි ඉඩ දෙනුයි කියනු ලැබූ විට නුඹලා ඉඩ දෙනු. අල්ලාහ් නුඹලාට ඉඩ දෙනු ඇත. තවද නුඹලා නැගී සිටිනු යැයි කියනු ලැබූ විට නුඹලා නැගී සිටිනු. නුඹලා අතරින් දේවත්වය විශ්වාස කළවුන් හා ඥානය දෙනු ලැබූවන් තරාතිරම්වලින් අල්ලාහ් උසස් කරයි. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
١٢يَا أَيُّهَا الَّذِينَ آمَنُوا إِذَا نَاجَيْتُمُ الرَّسُولَ فَقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَةً ۚ ذَٰلِكَ خَيْرٌ لَكُمْ وَأَطْهَرُ ۚ فَإِنْ لَمْ تَجِدُوا فَإِنَّ اللَّهَ غَفُورٌ رَحِيمٌ
12අහෝ දේවත්වය විශ්වාස කළවුනි! නුඹලා රසූල්වරයා සමඟ පෞද්ගලික කතාවක නිරත වන්නේ නම් නුඹලාගේ පෞද්ගලික කතාවට පෙර දානයක් ඉදිරිපත් කරනු. එය නුඹලාට යහපතකි. තවද වඩාත් පිවිතුරු ය. එසේ නුඹලා (හැකියාව) නො ලැබුවේ නම් (එය පවක් නො වේ.) එවිට නියත වශයෙන් ම අල්ලාහ් අතික්ෂමාශීලී ය; මහා කරුණාන්විත ය.
١٣أَأَشْفَقْتُمْ أَنْ تُقَدِّمُوا بَيْنَ يَدَيْ نَجْوَاكُمْ صَدَقَاتٍ ۚ فَإِذْ لَمْ تَفْعَلُوا وَتَابَ اللَّهُ عَلَيْكُمْ فَأَقِيمُوا الصَّلَاةَ وَآتُوا الزَّكَاةَ وَأَطِيعُوا اللَّهَ وَرَسُولَهُ ۚ وَاللَّهُ خَبِيرٌ بِمَا تَعْمَلُونَ
13(දිළිඳුකම හේතුවෙන්) නුඹලාගේ පෞද්ගලික සාකච්ඡාවට පෙර දානයන් ඉදිරිපත් කිරීමට නුඹලා බියවන්නෙහු ද? එසේ නුඹලා සිදු නො කළ ද අල්ලාහ් නුඹලා වෙත පාප ක්ෂමාව දෙනු ඇත. එහෙයින් නුඹලා සලාතය ඉටු කරනු. තවද zසකාත් දෙනු. තවද අල්ලාහ් හා ඔහුගේ දූතයාණන්ට අවනත වනු. තවද අල්ලාහ් නුඹලා සිදු කරන දෑ පිළිබඳව අභිඥානවන්ත ය.
١٤أَلَمْ تَرَ إِلَى الَّذِينَ تَوَلَّوْا قَوْمًا غَضِبَ اللَّهُ عَلَيْهِمْ مَا هُمْ مِنْكُمْ وَلَا مِنْهُمْ وَيَحْلِفُونَ عَلَى الْكَذِبِ وَهُمْ يَعْلَمُونَ
14අල්ලාහ් ඔවුන් වෙත කෝප වූ පිරිසක් තම මිතුරන් ලෙස ගත් අය නුඹ නො දුටුවෙහි ද? ඔවුහු නුඹලාගෙන් නො වෙති. එමෙන් ම ඔවුන්ගෙන් ද නො වෙති. ඔවුහු දැන දැනම ව්‍යාජත්වය මත දිවුරා සිටිති.
١٥أَعَدَّ اللَّهُ لَهُمْ عَذَابًا شَدِيدًا ۖ إِنَّهُمْ سَاءَ مَا كَانُوا يَعْمَلُونَ
15අල්ලාහ් ඔවුනට දැඩි දඬුවමක් සූදානම් කළේ ය. නියත වශයෙන් ම ඔවුන් සිදු කරමින් සිටි දෑ නපුරු විය.
١٦اتَّخَذُوا أَيْمَانَهُمْ جُنَّةً فَصَدُّوا عَنْ سَبِيلِ اللَّهِ فَلَهُمْ عَذَابٌ مُهِينٌ
16ඔවුහු තම දිවුරුම පලිහක් වශයෙන් ගත්තෝ ය. තවද අල්ලාහ්ගේ මාර්ගයෙන් (ජනයා) අවහිර කළෝ ය. එහෙයින් නින්දනීය දඬුවමක් ඔවුනට ඇත.
١٧لَنْ تُغْنِيَ عَنْهُمْ أَمْوَالُهُمْ وَلَا أَوْلَادُهُمْ مِنَ اللَّهِ شَيْئًا ۚ أُولَٰئِكَ أَصْحَابُ النَّارِ ۖ هُمْ فِيهَا خَالِدُونَ
17ඔවුන්ගේ ධනය හෝ ඔවුන්ගේ දරුවන් හෝ අල්ලාහ්ගෙන් වූ කිසිවකට ඔවුනට ඵලක් නො වන්නේ ම ය. (නිරා) ගින්නේ සගයෝ ඔවුහු ම ය. ඔවුහු එහි සදාතනිකයෝ ය.
١٨يَوْمَ يَبْعَثُهُمُ اللَّهُ جَمِيعًا فَيَحْلِفُونَ لَهُ كَمَا يَحْلِفُونَ لَكُمْ ۖ وَيَحْسَبُونَ أَنَّهُمْ عَلَىٰ شَيْءٍ ۚ أَلَا إِنَّهُمْ هُمُ الْكَاذِبُونَ
18අල්ලාහ් ඔවුන් සියලු දෙනා නැගිටු වන දිනයේ ඔවුන් නුඹලාට දිවුරා සිටියාක් මෙන් ඔහුට ද දිවුරා සිටිති. තවද නියත වශයෙන් ම ඔවුන් යම් පදනමක් මත සිටිති යැයි සිතති. දැන ගනු! නියත වශයෙන් ම ඔවුහු බොරුකාරයෝ ය.
١٩اسْتَحْوَذَ عَلَيْهِمُ الشَّيْطَانُ فَأَنْسَاهُمْ ذِكْرَ اللَّهِ ۚ أُولَٰئِكَ حِزْبُ الشَّيْطَانِ ۚ أَلَا إِنَّ حِزْبَ الشَّيْطَانِ هُمُ الْخَاسِرُونَ
19ෂෙයිතාන් ඔවුන් පරදවා ඇත. එහෙයින් අල්ලාහ්ව මෙනෙහි කිරීම ඔවුනට අමතක කර දැමී ය. ෂෙයිතාන්ගේ පිරිස ඔවුහු ම ය. දැන ගනු! නියත වශයෙන් ම ෂෙයිතාන්ගේ පිරිස වන ඔවුහු මය පරාජිතයෝ.
٢٠إِنَّ الَّذِينَ يُحَادُّونَ اللَّهَ وَرَسُولَهُ أُولَٰئِكَ فِي الْأَذَلِّينَ
20නියත වශයෙන් ම අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන් වනාහි ඔවුහු නින්දිතයින් අතර ය.
٢١كَتَبَ اللَّهُ لَأَغْلِبَنَّ أَنَا وَرُسُلِي ۚ إِنَّ اللَّهَ قَوِيٌّ عَزِيزٌ
21සැබැවින් ම මම අබිබවා යමි. මාගේ දූතයාණන් ද (එලෙසය) යැයි අල්ලාහ් නියම කළේ ය. නියත වශයෙන් ම අල්ලාහ් බලසම්පන්න ය; සර්ව බලධාරී ය.
٢٢لَا تَجِدُ قَوْمًا يُؤْمِنُونَ بِاللَّهِ وَالْيَوْمِ الْآخِرِ يُوَادُّونَ مَنْ حَادَّ اللَّهَ وَرَسُولَهُ وَلَوْ كَانُوا آبَاءَهُمْ أَوْ أَبْنَاءَهُمْ أَوْ إِخْوَانَهُمْ أَوْ عَشِيرَتَهُمْ ۚ أُولَٰئِكَ كَتَبَ فِي قُلُوبِهِمُ الْإِيمَانَ وَأَيَّدَهُمْ بِرُوحٍ مِنْهُ ۖ وَيُدْخِلُهُمْ جَنَّاتٍ تَجْرِي مِنْ تَحْتِهَا الْأَنْهَارُ خَالِدِينَ فِيهَا ۚ رَضِيَ اللَّهُ عَنْهُمْ وَرَضُوا عَنْهُ ۚ أُولَٰئِكَ حِزْبُ اللَّهِ ۚ أَلَا إِنَّ حِزْبَ اللَّهِ هُمُ الْمُفْلِحُونَ
22අල්ලාහ් හා අවසන් දිනය විශ්වාස කරන පිරිසක් අල්ලාහ්ට හා ඔහුගේ දූතයාණන්ට විරුද්ධ වූවන්ව ප්‍රිය කරනු නුඹ නො දකිනු ඇත. ඔවුහු ඔවුන්ගේ පියවරුන් හෝ ඔවුන්ගේ දරුවන් හෝ ඔවුන්ගේ සහෝදරයින් හෝ ඔවුන්ගේ පවුලේ ඥාතීන් වුවද. ඔවුන්ගේ හදවත් තුළ ඔහු දේව විශ්වාසය නියම කොට ඔහුගෙන් වූ ආත්මයෙන් ඔවුන් ශක්තිමත් කළ අය ඔවුහු වෙති. තවද ඒවාට යටින් ගංගාවන් ගලා බස්නා (ස්වර්ග) උයන්වලට ඔහු ඔවුන් ඇතුළු කරයි. එහි ඔවුන් සදාතනිකයින් ය. අල්ලාහ් ඔවුන් ගැන තෘප්තිමත් විය. ඔවුහු ද ඔහු ගැන තෘප්තිමත් වූහ. අල්ලාහ්ගේ පිරිස ඔවුහු ය. දැන ගනු! නියත වශයෙන් ම අල්ලාහ්ගේ පිරිස වන ඔවුහු මය ජයග්‍රාහකයෝ.